Wednesday, November 15, 2017

සන්නිවේදන ප්‍රවර්ග , තල , වර්ග.

                                    සන්නිවේදන ප්‍රවර්ග , තල වර්ග බිහ වන්නේ සන්නිවේදනයේ යෙදෙන පිරිසගේ ප්‍රමාණය අනුවය.ප්‍රධාන වශයෙන් සන්නිවේදන ප්‍රවර්ග , තල වර්ග කොටස් 4 කි.
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය.
පුද්ගලාන්තර සන්නිවේදනය.
සමූහා සන්නිවේදනය.
ජන සන්නිවේදනය.                 එම ප්‍රධාන කොටස් 4 වේ.


අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය.
                                     
                                           අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයා තුලම සිදු වන්න වූ සන්නිවේදනයයි. මෙහිදී සන්නිවේදක හා ග්‍රාහක භූමිකා එකම පුද්ගලයෙකු තුල හුවමාරු වේ. පුද්ගලයා බිලිඳු වියේ සිටම   අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ යෙදේ. ඒ තුලින් පුද්ගලයා තොරතුරු රැස් කර ගෙන මතකයේ රඳවා ගනී. මෙය සිදු වන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යොදා ගනිමින් ය. මිනිසාගේ මොලය පදනම් කරගෙන ශරීරයේ සියලු  අංගයන් සමඟ බැඳී පවතින සිත මත තීරණ ගැනීමේ ක්‍රියාවලිය රඳවා පවතී. සිත අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ පදනම වේ.
නිදසුන් ලෙස,,,,,
මම අද පන්ති ඇඳගෙන යන්නේ මොකක්ද ?ලෙස සිතීම.

                                           එමෙන්ම අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය සඳහා බාධා ද ඇති විය හැකිය. ඒවා ලෙස හිසේ කැක්කුම , මානසික ආතතිය , විවිධ රෝගී තත්ත්ව  අඩිය දැක්විය හැකිය. කෙසේ වෙතත් අනෙකුත් සියලු සන්නිවේදන වර්ගයන්  සිදු කිරීමට පෙර ම අන්තර්ර්වර්ති පුද්ගල සන්නිවේදනය සිදු වන්නේ අපටත් නොදැනුවත්වමය.

අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ.

සිත මුල් කර ගෙන ක්‍රියාත්මක වීම.
ආත්ම භාෂණයට ප්‍රමුකත්වට හිමි වීම.
බහු පුද්ගල සහභාගිවත්වයක් දක්නට නොලැබීම.
ස්වයං දෘෂ්ටිය , ස්ව සංකල්පයට මුලිකත්වය හිමි වීම. 



 පුද්ගලාන්තර සන්නිවේදනය. 
                                 පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වන සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස හැඳින්වේ. අප එදිනෙදා ජිවිතයේ දී නිරන්තරයෙන් පුද්ගලාන්තර සන්නිවේදනයේ යෙදේ. මෙහිදී සන්නිවේදක හා ග්‍රාහක භූමික ලෙස පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වාචික සන්නිවේදනයට අමතරව අවචික සන්නිවේදන ක්‍රම ද භාවිත කරයි. ඉඟි , ඇස් සම්බන්ධතාවය , සමීපත්වය ,අදිය ඒවා ය.

පුද්ගලාන්තර සන්නිවේදනය සිදු වන අවස්ථාවක් ලෙස ,,,,

ව්‍යාපාරිකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිගු වන සන්නිවේදන අවස්ථාවක් ගත හැක. 

                              පුද්ගලාන්තර සන්නිවේදනය වූ කලී මුහුණට මුහුණලා සිදු කරන සන්නිවේදන ක්‍රියාවලියක් වුවත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. දුරකථනය , අන්තර්ජාලය අඩිය උපයෝගී කරගෙන අද වන විට දුරස්ථව ද පුද්ගලාන්තර සන්නිවේදනයේ යෙදේ.

පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ,,,,

පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වීම. මුහුණට මුහුණලා සිදු වීම.
ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ක්ෂණික වීම.
සන්නිවේදක හා ග්‍රාහක භූමික හුවමාරු වීම.
වැඩි පෙළඹවීමක් තිබීම. 



සමුහ සන්නිවේදනය.
                                                       සමුහ සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ පිරිසක් අතර සිදු වන සන්නිවේදනයයි. මෙය කණ්ඩායම් සන්නිවේදනය ලෙසද හඳුන්වයි. මෙහි සිටින පිරිස අනුව එය කුඩා කාණ්ඩයම් සන්නිවේදනය හා විශාල කාණ්ඩයම් සන්නිවේදනය ලෙස නම් කරයි.

සමුහ සන්නිවේදනය සිදු වන අවස්ථාවක් ලෙස,,,,,,
දේශපාලන රැස්වීමක්දැක්විය හැක.

                                  කුඩා කාණ්ඩයම් සන්නිවේදනය තුල පුද්ගලයින් දෙදෙනෙකුගේ සිට විසි පහක් දක්වා පුද්ගලයින් සිටින අතර විශාල කණ්ඩායම් සන්නිවේදනයේ පුද්ගලයින් පිරිස විසි පහට වැඩිය.

සමුහ සන්නිවේදනයේ ලක්ෂණ,,,,,,,

සාමුහික ක්‍රියාවලියක් වීම.
නායකත්වයක් දක්නට ලැබීම.
නිශ්චිත පොදු අරමුණක් දක්නට ලැබීම.
න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වීම.


ජන සන්නිවේදනය.
                                                       බොහෝ පිරිසක් අමන්ත්‍රණය කල හැකි ජන සන්නිවේදන උපාංග භාවිත කරමින් සිදු කරන්න වූ සන්නිවේදනය ජන සන්නිවේදනය ලෙස හැඳින්වේ. අද වන විට මෙය ලෝකය ම ආක්‍රමණය කරන්නට සමත්ව ඇත. මිනිසාගේ සංවර්ධනය සමඟ ඇති වූ කාර්මික විප්ලවය සමඟ ජන සන්නිවේදන උපාංග බිහි විය. ලොව මානව වර්ගයා සංකීර්ණ වුයේ ජන සන්නිවේදනය බිහ වීමත් සමඟය.
ජන සන්නිවේදනය කොටස් කිහිපයකින් දැක්විය හැකිය.
විද්‍යුත් මාධ්‍ය.
මුද්‍රිත මාධ්‍ය.
රසායනික මාධ්‍ය.
නව මාධ්‍ය. නම් ඒවා ය.

ජන සන්නිවේදනයේ ලක්ෂණ,,,,,,,,

සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර හඳුණුම් කමක් නැත. 
සන්නිවේදකයා ආයතන ගත වීම.
එක් එක් ජන මාධ්‍ය අංශ සඳහා සුවිශේෂී ලක්ෂණ තිබීම.
බාධා එල්ල වීම.
දොරටුපලක ක්‍රියාවලියක් දක්නට ලැබීම.
පණිවිඩය සැම විට ම පොදු වීම.
     ඉහත විග්‍රහයට අනුව සන්නිවේදන වර්ග පිලිබඳව පැහැදිලි අවබෝදයක් ලබා ගත හැකි ය.






No comments:

Post a Comment