සන්නිවේදන පිලිබඳ නිර්වචන...
"කිසියම් කෙනෙක් කිසියම් දෙයක් යමෙකුට යම් බලපෑමක් සදහා ඉදිරිපත් කරයිද එය සන්නිවේදනයයි."
(හැරල් ඩී ලැස්වේල්)
"තොරතුරු ගැබ් වූ සංකේත මගින් දෙපක්ෂයක් අතර එක හා සමාන චිංතකත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි."
(විල්බර් ශ්‍රාම්)
"යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි."
(ෂැනොන් වීවර්)
"එක් මනසකින් තවත් කෙනෙක් තුළ බලපෑමක් ඇති කරන සම්පූර්ණ ක්‍රියාවලිය සන්නිවේදනයයි."
(වොරන් වීවර්)
"සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙයකුගේ ඒකාදිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත් කරගැනීමයි."
(ඇලෙක්සැන්ඩර් බෝඩ්)
No comments:
Post a Comment