Tuesday, December 19, 2017

සන්නිවේදනය හා භාෂාව .

                         භාෂාව හා සන්නිවේදනය අතර අත්තේ අන්‍යොන්‍ය සම්බන්ධයකි.භාෂාව බිහි වීම  මානව සමාජයේ දැඩි අවශ්‍යතාවයක් ලෙස ය.මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීම පහසු කර ගැනීම වෙනුවෙන් භාෂාව නිර්මාණය කර ගන්නා ලදි.භාෂාව යනු මානවයා සෙසු සත්ව කොට්ඨාස අතර අදහස් සන්නිවේදනය සදහා යොදාගත් විශිෂ්ට උපකරණයයි.

                         ගංගා නිම්න ආශ්‍රිත ව ශිෂ්ටාචාර ගොඩනගා ගත් මානවයා එකිනෙකා අතර  අදහස් හුවමාරු කරගැනීමට එක් එක් ශිෂ්ටාචාරවලට අනුකූලව භාෂාවක් නිර්මාණය කර ගත්තේ ය. එසේ නිර්මාණය වූ භාෂාව මුල් කර ගෙන සන්නිවේදනය ද දියුණු විය.
               
                               භාෂාව යනු පියවරෙන් පියවර වර්ධනය වූවකි .භාෂාව බිහි කරගත් මුල් කාලයේ දී එය අවාචික ව සිදු වූ අතර පසු කාලීනව එයට භාෂාක් ද, අක්ෂර ද නිර්මාණය කරගන්නා ලදි.මෙසේ නිර්මාණය කරගත් භාෂාව තුල සිදු වූ තවත් පියවරයන් ලෙස කඩදාසි නිර්මාණය කර ගැනීම  , මුද්‍රණ යන්ත්‍රය නිර්මානය කර ගැනීම , අන්තර්ජාලය නිර්මාණය බිහි වීම ආදිය දැක්විය හැකි ය.

                     භාෂාව නිර්මාණය හා වර්ධනය සන්නිවේදනය සමග අන්‍යොන්‍ය ව සිදු වූවකි.විවිධ භාෂාවන් කාලයත් සමග ,,
1.ජීවී භාෂාව  .
2.අජීවී භාෂාව .
3.මෘත භාෂාව . ආදී වශයෙන් වෙනස්කම් වලට ලක් වේ..මෙසේ ඉහත ආකාරයට භාෂාව වෙනස් වන්නේ භාෂාව භාවිතා කිරීම අනුව ය.ජීවී භාෂාවක් යනු සන්නිවේදන කාර්යය තුල භාවිතා වන්නා වූ භාෂාවන් ය. නිදසුන් ලෙස,,,සිංහල ,ඉංග්‍රීසි ආදිය දැක්විය හැකිය .අජීවී භාෂාව යනු දැනට භාවිතයේ නොපවතින එහෙත් නැවත භාවිතයට ගත හැකි භාෂාවන් ය. නිදසුන් ලෙස පාලි ,සංස්කෘත ආදිය වේ.මෘත භාෂා ලෙස ගැනෙන්නේ මියගිය භාෂාවන් ය.නිදසුන් ලෙස කෝල්ට්ක් , ඇවෙස්ටන් ආදිය දැක්විය හැකි ය. කෙසේ වෙතත් භාෂාව සන්නිවේදන කාර්යයට යොදා ගැනීම මත භාෂාවේ පැවැත්ම තීරණය වේ.

සන්නිවේදනය හා දැනුම් සමාජය ....

සන්නිවේදනය පිලිබඳ අවධානය යොමු කිරීමේ දී අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මං පෙත තුළ බිහි වී අති දැනුම් සමාජය සුවිශේෂී බිහිවීමකි.

දැනුම් සමාජය යන්න නිර්වචනය කිරීමේදී දැනුම පදනම් කරගෙ බිහි වූ සමාජය ලෙස අර්ත දැක්විය හැකිය .
         අද දක්වා පියවරෙන් පියවර ප්‍රාතමික , වහල් ,වැඩවසම් , ධනේෂ්වර , සමාජවාදී ආදී දශයෙන් පසු කර ආ ගමන් මගේ දී අද වන විට බිහි වී ඇති දැනුම් සමාජය සන්නිවේදනය පදනම් කරගත්තකි.

මෙම දැනුම් සමාජය පහත ලක්ෂණ සතු වූවකි.
1.තොරතුරු මත බිහි වූ සමාජයක් වීම.
2.දැනුම ඵලදායි වත්කමක් ලෙස සැලකීම .
3.දැනුම තුළින්  ආදායම් ඉපයිය හැකි වීම .
4.තොරතුරු රැස් කිරීම , ගබඩා කිරීම හා ව්‍යාප්ත කිරීම ආදිය මහා පරිමාන ලෙස සිදු වීම .

              මානව සම්බන්ධතා පවත්වා ගැනීමට තොරතුරු තාක්ෂණික සමාජයක් බිහි වී ඇත්තේ දැනුම් සමාජය පදනම් කර ගෙන ය.මානව සම්බන්ධතා පවත්වා ගැනීමට භාවිත කරන තාක්ෂණික භාවිතයන් ලෙස skype ,  facebook , E-mail , viber  , whatsapp ආදිය දැක්විය හැකිය . අධ්‍යාපනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස WWW.Guru.lk ,E-learning , ආදිය දැක්විය හැකිය .
               
                ව්‍යාපාරික අවශ්‍ය සපුරා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස www.ikman.lk , www. easybuy. lk ආදිය දැක්විය හැකිය .

              අද වන විට බිහි වී ඇති ජාලගත සමාජය ද දැනුම් සමාජය මූලික කර ගෙන  ය.පරිගණකය මූලික කර ගෙන දැනුම සමාජය ගත වීමත් සමග සමාජය ජාලයක් ලෙස සම්බන්ධ වීම සිදු වේ.කෙසේ වෙතත් දැනුම් සමාජය බිහි වීම සන්නිවේදනය මූලික කරගෙන සිදු වූ අතර එය ක්‍රමක්‍රමයෙන් සමාජය ප්‍රභල ලෙස ආක්‍රමණය කර ඇත.

Saturday, December 16, 2017

සන්නිවේදනය හා සාක්ෂරතාව

ඉහත ජල පහර තුළින් ද සන්නිවේදනයක් සිදු වේ.මෙම දර්ශනය විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයට කියවනු ලබයි.එය එම පුද්ගලයන්ගේ දැනුම් මට්ටම හෝ සමාජ වපසරිය අනුව තීරණය වේ.
                            කිසියම් නිර්මාණයක් කියවීම සිදු කරන්නේ ඉහත සාධක මත අනුව වන අතර එම කියවීම සාක්ෂරතාවය ලෙසින් නම් කල හැකිය .සාක්ෂරතාවය සන්නිවේදනය සමග සම්බන්ධව පවතී.ඕනෑම නිර්මාණයක් නිවරදිව කියවීමට හා අවබෝධයට ඇති හැකියාව සාක්ෂරතාව ලෙස නම් කල හැකිය .
                                සන්නිවේදනය ක්‍රියාවලියක් සාර්තක වීමේ දී ග්‍රාහකයා සතු සාක්ෂරතා හැකියාව සන්නිවේදන කාර්යය සාර්තක කර ගැනීමට බොහෝ සේ වැදගත් වන්නේ ග්‍රාහකයන් සංදේශ මගින් නොමග යාම වලක්වා ගත හැකි නිසා ය.
සන්නිවේදන පිලිබඳ නිර්වචන...
"කිසියම් කෙනෙක් කිසියම් දෙයක් යමෙකුට යම් බලපෑමක් සදහා ඉදිරිපත් කරයිද එය සන්නිවේදනයයි."
(හැරල් ඩී ලැස්වේල්)


"තොරතුරු ගැබ් වූ සංකේත මගින් දෙපක්ෂයක් අතර එක හා සමාන චිංතකත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි."
(විල්බර් ශ්‍රාම්)

"යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි."
(ෂැනොන් වීවර්)

"එක් මනසකින් තවත් කෙනෙක් තුළ බලපෑමක් ඇති කරන සම්පූර්ණ ක්‍රියාවලිය සන්නිවේදනයයි."
(වොරන් වීවර්)

"සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙයකුගේ ඒකාදිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත් කරගැනීමයි."
(ඇලෙක්සැන්ඩර් බෝඩ්)