භාෂාව හා සන්නිවේදනය අතර අත්තේ අන්‍යොන්‍ය සම්බන්ධයකි.භාෂාව බිහි වීම මානව සමාජයේ දැඩි අවශ්‍යතාවයක් ලෙස ය.මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීම පහසු කර ගැනීම වෙනුවෙන් භාෂාව නිර්මාණය කර ගන්නා ලදි.භාෂාව යනු මානවයා සෙසු සත්ව කොට්ඨාස අතර අදහස් සන්නිවේදනය සදහා යොදාගත් විශිෂ්ට උපකරණයයි.
ගංගා නිම්න ආශ්‍රිත ව ශිෂ්ටාචාර ගොඩනගා ගත් මානවයා එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට එක් එක් ශිෂ්ටාචාරවලට අනුකූලව භාෂාවක් නිර්මාණය කර ගත්තේ ය. එසේ නිර්මාණය වූ භාෂාව මුල් කර ගෙන සන්නිවේදනය ද දියුණු විය.
භාෂාව යනු පියවරෙන් පියවර වර්ධනය වූවකි .භාෂාව බිහි කරගත් මුල් කාලයේ දී එය අවාචික ව සිදු වූ අතර පසු කාලීනව එයට භාෂාක් ද, අක්ෂර ද නිර්මාණය කරගන්නා ලදි.මෙසේ නිර්මාණය කරගත් භාෂාව තුල සිදු වූ තවත් පියවරයන් ලෙස කඩදාසි නිර්මාණය කර ගැනීම , මුද්‍රණ යන්ත්‍රය නිර්මානය කර ගැනීම , අන්තර්ජාලය නිර්මාණය බිහි වීම ආදිය දැක්විය හැකි ය.
භාෂාව නිර්මාණය හා වර්ධනය සන්නිවේදනය සමග අන්‍යොන්‍ය ව සිදු වූවකි.විවිධ භාෂාවන් කාලයත් සමග ,,
1.ජීවී භාෂාව .
2.අජීවී භාෂාව .
3.මෘත භාෂාව . ආදී වශයෙන් වෙනස්කම් වලට ලක් වේ..මෙසේ ඉහත ආකාරයට භාෂාව වෙනස් වන්නේ භාෂාව භාවිතා කිරීම අනුව ය.ජීවී භාෂාවක් යනු සන්නිවේදන කාර්යය තුල භාවිතා වන්නා වූ භාෂාවන් ය. නිදසුන් ලෙස,,,සිංහල ,ඉංග්‍රීසි ආදිය දැක්විය හැකිය .අජීවී භාෂාව යනු දැනට භාවිතයේ නොපවතින එහෙත් නැවත භාවිතයට ගත හැකි භාෂාවන් ය. නිදසුන් ලෙස පාලි ,සංස්කෘත ආදිය වේ.මෘත භාෂා ලෙස ගැනෙන්නේ මියගිය භාෂාවන් ය.නිදසුන් ලෙස කෝල්ට්ක් , ඇවෙස්ටන් ආදිය දැක්විය හැකි ය. කෙසේ වෙතත් භාෂාව සන්නිවේදන කාර්යයට යොදා ගැනීම මත භාෂාවේ පැවැත්ම තීරණය වේ.
No comments:
Post a Comment