සන්නිවේදනය පිලිබඳ අවධානය යොමු කිරීමේ දී අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මං පෙත තුළ බිහි වී අති දැනුම් සමාජය සුවිශේෂී බිහිවීමකි.
දැනුම් සමාජය යන්න නිර්වචනය කිරීමේදී දැනුම පදනම් කරගෙ බිහි වූ සමාජය ලෙස අර්ත දැක්විය හැකිය .
අද දක්වා පියවරෙන් පියවර ප්‍රාතමික , වහල් ,වැඩවසම් , ධනේෂ්වර , සමාජවාදී ආදී දශයෙන් පසු කර ආ ගමන් මගේ දී අද වන විට බිහි වී ඇති දැනුම් සමාජය සන්නිවේදනය පදනම් කරගත්තකි.
මෙම දැනුම් සමාජය පහත ලක්ෂණ සතු වූවකි.
1.තොරතුරු මත බිහි වූ සමාජයක් වීම.
2.දැනුම ඵලදායි වත්කමක් ලෙස සැලකීම .
3.දැනුම තුළින් ආදායම් ඉපයිය හැකි වීම .
4.තොරතුරු රැස් කිරීම , ගබඩා කිරීම හා ව්‍යාප්ත කිරීම ආදිය මහා පරිමාන ලෙස සිදු වීම .
මානව සම්බන්ධතා පවත්වා ගැනීමට තොරතුරු තාක්ෂණික සමාජයක් බිහි වී ඇත්තේ දැනුම් සමාජය පදනම් කර ගෙන ය.මානව සම්බන්ධතා පවත්වා ගැනීමට භාවිත කරන තාක්ෂණික භාවිතයන් ලෙස skype , facebook , E-mail , viber , whatsapp ආදිය දැක්විය හැකිය . අධ්‍යාපනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස WWW.Guru.lk ,E-learning , ආදිය දැක්විය හැකිය .
ව්‍යාපාරික අවශ්‍ය සපුරා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස www.ikman.lk , www. easybuy. lk ආදිය දැක්විය හැකිය .
අද වන විට බිහි වී ඇති ජාලගත සමාජය ද දැනුම් සමාජය මූලික කර ගෙන ය.පරිගණකය මූලික කර ගෙන දැනුම සමාජය ගත වීමත් සමග සමාජය ජාලයක් ලෙස සම්බන්ධ වීම සිදු වේ.කෙසේ වෙතත් දැනුම් සමාජය බිහි වීම සන්නිවේදනය මූලික කරගෙන සිදු වූ අතර එය ක්‍රමක්‍රමයෙන් සමාජය ප්‍රභල ලෙස ආක්‍රමණය කර ඇත.
No comments:
Post a Comment