භාෂාව හා සන්නිවේදනය අතර අත්තේ අන්‍යොන්‍ය සම්බන්ධයකි.භාෂාව බිහි වීම මානව සමාජයේ දැඩි අවශ්‍යතාවයක් ලෙස ය.මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගැනීම පහසු කර ගැනීම වෙනුවෙන් භාෂාව නිර්මාණය කර ගන්නා ලදි.භාෂාව යනු මානවයා සෙසු සත්ව කොට්ඨාස අතර අදහස් සන්නිවේදනය සදහා යොදාගත් විශිෂ්ට උපකරණයයි.
ගංගා නිම්න ආශ්‍රිත ව ශිෂ්ටාචාර ගොඩනගා ගත් මානවයා එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට එක් එක් ශිෂ්ටාචාරවලට අනුකූලව භාෂාවක් නිර්මාණය කර ගත්තේ ය. එසේ නිර්මාණය වූ භාෂාව මුල් කර ගෙන සන්නිවේදනය ද දියුණු විය.
භාෂාව යනු පියවරෙන් පියවර වර්ධනය වූවකි .භාෂාව බිහි කරගත් මුල් කාලයේ දී එය අවාචික ව සිදු වූ අතර පසු කාලීනව එයට භාෂාක් ද, අක්ෂර ද නිර්මාණය කරගන්නා ලදි.මෙසේ නිර්මාණය කරගත් භාෂාව තුල සිදු වූ තවත් පියවරයන් ලෙස කඩදාසි නිර්මාණය කර ගැනීම , මුද්‍රණ යන්ත්‍රය නිර්මානය කර ගැනීම , අන්තර්ජාලය නිර්මාණය බිහි වීම ආදිය දැක්විය හැකි ය.
භාෂාව නිර්මාණය හා වර්ධනය සන්නිවේදනය සමග අන්‍යොන්‍ය ව සිදු වූවකි.විවිධ භාෂාවන් කාලයත් සමග ,,
1.ජීවී භාෂාව .
2.අජීවී භාෂාව .
3.මෘත භාෂාව . ආදී වශයෙන් වෙනස්කම් වලට ලක් වේ..මෙසේ ඉහත ආකාරයට භාෂාව වෙනස් වන්නේ භාෂාව භාවිතා කිරීම අනුව ය.ජීවී භාෂාවක් යනු සන්නිවේදන කාර්යය තුල භාවිතා වන්නා වූ භාෂාවන් ය. නිදසුන් ලෙස,,,සිංහල ,ඉංග්‍රීසි ආදිය දැක්විය හැකිය .අජීවී භාෂාව යනු දැනට භාවිතයේ නොපවතින එහෙත් නැවත භාවිතයට ගත හැකි භාෂාවන් ය. නිදසුන් ලෙස පාලි ,සංස්කෘත ආදිය වේ.මෘත භාෂා ලෙස ගැනෙන්නේ මියගිය භාෂාවන් ය.නිදසුන් ලෙස කෝල්ට්ක් , ඇවෙස්ටන් ආදිය දැක්විය හැකි ය. කෙසේ වෙතත් භාෂාව සන්නිවේදන කාර්යයට යොදා ගැනීම මත භාෂාවේ පැවැත්ම තීරණය වේ.
Tuesday, December 19, 2017
සන්නිවේදනය හා දැනුම් සමාජය ....
සන්නිවේදනය පිලිබඳ අවධානය යොමු කිරීමේ දී අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මං පෙත තුළ බිහි වී අති දැනුම් සමාජය සුවිශේෂී බිහිවීමකි.
දැනුම් සමාජය යන්න නිර්වචනය කිරීමේදී දැනුම පදනම් කරගෙ බිහි වූ සමාජය ලෙස අර්ත දැක්විය හැකිය .
අද දක්වා පියවරෙන් පියවර ප්‍රාතමික , වහල් ,වැඩවසම් , ධනේෂ්වර , සමාජවාදී ආදී දශයෙන් පසු කර ආ ගමන් මගේ දී අද වන විට බිහි වී ඇති දැනුම් සමාජය සන්නිවේදනය පදනම් කරගත්තකි.
මෙම දැනුම් සමාජය පහත ලක්ෂණ සතු වූවකි.
1.තොරතුරු මත බිහි වූ සමාජයක් වීම.
2.දැනුම ඵලදායි වත්කමක් ලෙස සැලකීම .
3.දැනුම තුළින් ආදායම් ඉපයිය හැකි වීම .
4.තොරතුරු රැස් කිරීම , ගබඩා කිරීම හා ව්‍යාප්ත කිරීම ආදිය මහා පරිමාන ලෙස සිදු වීම .
මානව සම්බන්ධතා පවත්වා ගැනීමට තොරතුරු තාක්ෂණික සමාජයක් බිහි වී ඇත්තේ දැනුම් සමාජය පදනම් කර ගෙන ය.මානව සම්බන්ධතා පවත්වා ගැනීමට භාවිත කරන තාක්ෂණික භාවිතයන් ලෙස skype , facebook , E-mail , viber , whatsapp ආදිය දැක්විය හැකිය . අධ්‍යාපනය ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස WWW.Guru.lk ,E-learning , ආදිය දැක්විය හැකිය .
ව්‍යාපාරික අවශ්‍ය සපුරා ගැනීමට තොරතුරු තාක්ෂණය භාවිතා කරන අවස්ථා ලෙස www.ikman.lk , www. easybuy. lk ආදිය දැක්විය හැකිය .
අද වන විට බිහි වී ඇති ජාලගත සමාජය ද දැනුම් සමාජය මූලික කර ගෙන ය.පරිගණකය මූලික කර ගෙන දැනුම සමාජය ගත වීමත් සමග සමාජය ජාලයක් ලෙස සම්බන්ධ වීම සිදු වේ.කෙසේ වෙතත් දැනුම් සමාජය බිහි වීම සන්නිවේදනය මූලික කරගෙන සිදු වූ අතර එය ක්‍රමක්‍රමයෙන් සමාජය ප්‍රභල ලෙස ආක්‍රමණය කර ඇත.

Saturday, December 16, 2017
සන්නිවේදනය හා සාක්ෂරතාව
ඉහත ජල පහර තුළින් ද සන්නිවේදනයක් සිදු වේ.මෙම දර්ශනය විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයට කියවනු ලබයි.එය එම පුද්ගලයන්ගේ දැනුම් මට්ටම හෝ සමාජ වපසරිය අනුව තීරණය වේ.
කිසියම් නිර්මාණයක් කියවීම සිදු කරන්නේ ඉහත සාධක මත අනුව වන අතර එම කියවීම සාක්ෂරතාවය ලෙසින් නම් කල හැකිය .සාක්ෂරතාවය සන්නිවේදනය සමග සම්බන්ධව පවතී.ඕනෑම නිර්මාණයක් නිවරදිව කියවීමට හා අවබෝධයට ඇති හැකියාව සාක්ෂරතාව ලෙස නම් කල හැකිය .
සන්නිවේදනය ක්‍රියාවලියක් සාර්තක වීමේ දී ග්‍රාහකයා සතු සාක්ෂරතා හැකියාව සන්නිවේදන කාර්යය සාර්තක කර ගැනීමට බොහෝ සේ වැදගත් වන්නේ ග්‍රාහකයන් සංදේශ මගින් නොමග යාම වලක්වා ගත හැකි නිසා ය.

සන්නිවේදන පිලිබඳ නිර්වචන...
"කිසියම් කෙනෙක් කිසියම් දෙයක් යමෙකුට යම් බලපෑමක් සදහා ඉදිරිපත් කරයිද එය සන්නිවේදනයයි."
(හැරල් ඩී ලැස්වේල්)
"තොරතුරු ගැබ් වූ සංකේත මගින් දෙපක්ෂයක් අතර එක හා සමාන චිංතකත්වයක් ඇති කරලීම සන්නිවේදනයයි."
(විල්බර් ශ්‍රාම්)
"යම් තැනකදී තෝරාගත් පණිවිඩයක් තවත් තැනකදී ඒ ආකාරයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සන්නිවේදනයයි."
(ෂැනොන් වීවර්)
"එක් මනසකින් තවත් කෙනෙක් තුළ බලපෑමක් ඇති කරන සම්පූර්ණ ක්‍රියාවලිය සන්නිවේදනයයි."
(වොරන් වීවර්)
"සන්නිවේදනය යනු එක් අයෙකු හෝ කීප දෙයකුගේ ඒකාදිකාරයට යටත් වූ අදහස් දෙදෙනෙකුගේ හෝ වැඩි දෙනෙකු අතර පොදු බවට පත් කරගැනීමයි."
(ඇලෙක්සැන්ඩර් බෝඩ්)

Wednesday, November 15, 2017
සන්නිවේදන ප්‍රවර්ග , තල , වර්ග.
සන්නිවේදන ප්‍රවර්ග , තල වර්ග බිහ වන්නේ සන්නිවේදනයේ යෙදෙන පිරිසගේ ප්‍රමාණය අනුවය.ප්‍රධාන වශයෙන් සන්නිවේදන ප්‍රවර්ග , තල වර්ග කොටස් 4 කි.අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය.
පුද්ගලාන්තර සන්නිවේදනය.
සමූහා සන්නිවේදනය.
ජන සන්නිවේදනය. එම ප්‍රධාන කොටස් 4 වේ.
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය.
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ පුද්ගලයා තුලම සිදු වන්න වූ සන්නිවේදනයයි. මෙහිදී සන්නිවේදක හා ග්‍රාහක භූමිකා එකම පුද්ගලයෙකු තුල හුවමාරු වේ. පුද්ගලයා බිලිඳු වියේ සිටම අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ යෙදේ. ඒ තුලින් පුද්ගලයා තොරතුරු රැස් කර ගෙන මතකයේ රඳවා ගනී. මෙය සිදු වන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය යොදා ගනිමින් ය. මිනිසාගේ මොලය පදනම් කරගෙන ශරීරයේ සියලු අංගයන් සමඟ බැඳී පවතින සිත මත තීරණ ගැනීමේ ක්‍රියාවලිය රඳවා පවතී. සිත අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ පදනම වේ.
නිදසුන් ලෙස,,,,,
මම අද පන්ති ඇඳගෙන යන්නේ මොකක්ද ?ලෙස සිතීම.
එමෙන්ම අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය සඳහා බාධා ද ඇති විය හැකිය. ඒවා ලෙස හිසේ කැක්කුම , මානසික ආතතිය , විවිධ රෝගී තත්ත්ව අඩිය දැක්විය හැකිය. කෙසේ වෙතත් අනෙකුත් සියලු සන්නිවේදන වර්ගයන් සිදු කිරීමට පෙර ම අන්තර්ර්වර්ති පුද්ගල සන්නිවේදනය සිදු වන්නේ අපටත් නොදැනුවත්වමය.
අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ.
සිත මුල් කර ගෙන ක්‍රියාත්මක වීම.ආත්ම භාෂණයට ප්‍රමුකත්වට හිමි වීම.
බහු පුද්ගල සහභාගිවත්වයක් දක්නට නොලැබීම.
ස්වයං දෘෂ්ටිය , ස්ව සංකල්පයට මුලිකත්වය හිමි වීම.
පුද්ගලාන්තර සන්නිවේදනය.
පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වන සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙස හැඳින්වේ. අප එදිනෙදා ජිවිතයේ දී නිරන්තරයෙන් පුද්ගලාන්තර සන්නිවේදනයේ යෙදේ. මෙහිදී සන්නිවේදක හා ග්‍රාහක භූමික ලෙස පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර ඔවුන් වාචික සන්නිවේදනයට අමතරව අවචික සන්නිවේදන ක්‍රම ද භාවිත කරයි. ඉඟි , ඇස් සම්බන්ධතාවය , සමීපත්වය ,අදිය ඒවා ය.
පුද්ගලාන්තර සන්නිවේදනය සිදු වන අවස්ථාවක් ලෙස ,,,,
ව්‍යාපාරිකයෙකු හා පාරිභෝගිකයෙකු අතර සිගු වන සන්නිවේදන අවස්ථාවක් ගත හැක.
පුද්ගලාන්තර සන්නිවේදනය වූ කලී මුහුණට මුහුණලා සිදු කරන සන්නිවේදන ක්‍රියාවලියක් වුවත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. දුරකථනය , අන්තර්ජාලය අඩිය උපයෝගී කරගෙන අද වන විට දුරස්ථව ද පුද්ගලාන්තර සන්නිවේදනයේ යෙදේ.
පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ,,,,
පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වීම. මුහුණට මුහුණලා සිදු වීම.ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ක්ෂණික වීම.
සන්නිවේදක හා ග්‍රාහක භූමික හුවමාරු වීම.
වැඩි පෙළඹවීමක් තිබීම.
සමුහ සන්නිවේදනය.
සමුහ සන්නිවේදනය යන්නෙන් අදහස් වන්නේ පිරිසක් අතර සිදු වන සන්නිවේදනයයි. මෙය කණ්ඩායම් සන්නිවේදනය ලෙසද හඳුන්වයි. මෙහි සිටින පිරිස අනුව එය කුඩා කාණ්ඩයම් සන්නිවේදනය හා විශාල කාණ්ඩයම් සන්නිවේදනය ලෙස නම් කරයි.
සමුහ සන්නිවේදනය සිදු වන අවස්ථාවක් ලෙස,,,,,,
දේශපාලන රැස්වීමක්දැක්විය හැක.
කුඩා කාණ්ඩයම් සන්නිවේදනය තුල පුද්ගලයින් දෙදෙනෙකුගේ සිට විසි පහක් දක්වා පුද්ගලයින් සිටින අතර විශාල කණ්ඩායම් සන්නිවේදනයේ පුද්ගලයින් පිරිස විසි පහට වැඩිය.
සමුහ සන්නිවේදනයේ ලක්ෂණ,,,,,,,
සාමුහික ක්‍රියාවලියක් වීම.නායකත්වයක් දක්නට ලැබීම.
නිශ්චිත පොදු අරමුණක් දක්නට ලැබීම.
න්‍යාය පත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වීම.
ජන සන්නිවේදනය.
බොහෝ පිරිසක් අමන්ත්‍රණය කල හැකි ජන සන්නිවේදන උපාංග භාවිත කරමින් සිදු කරන්න වූ සන්නිවේදනය ජන සන්නිවේදනය ලෙස හැඳින්වේ. අද වන විට මෙය ලෝකය ම ආක්‍රමණය කරන්නට සමත්ව ඇත. මිනිසාගේ සංවර්ධනය සමඟ ඇති වූ කාර්මික විප්ලවය සමඟ ජන සන්නිවේදන උපාංග බිහි විය. ලොව මානව වර්ගයා සංකීර්ණ වුයේ ජන සන්නිවේදනය බිහ වීමත් සමඟය.
ජන සන්නිවේදනය කොටස් කිහිපයකින් දැක්විය හැකිය.
විද්‍යුත් මාධ්‍ය.
මුද්‍රිත මාධ්‍ය.
රසායනික මාධ්‍ය.
නව මාධ්‍ය. නම් ඒවා ය.
ජන සන්නිවේදනයේ ලක්ෂණ,,,,,,,,
සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර හඳුණුම් කමක් නැත.සන්නිවේදකයා ආයතන ගත වීම.
එක් එක් ජන මාධ්‍ය අංශ සඳහා සුවිශේෂී ලක්ෂණ තිබීම.
බාධා එල්ල වීම.
දොරටුපලක ක්‍රියාවලියක් දක්නට ලැබීම.
පණිවිඩය සැම විට ම පොදු වීම.
ඉහත විග්‍රහයට අනුව සන්නිවේදන වර්ග පිලිබඳව පැහැදිලි අවබෝදයක් ලබා ගත හැකි ය.
Monday, October 30, 2017
Subscribe to:
Comments (Atom)